මහනුවර දිස්ත්‍රික්කයේ පවතින ආකර්ශනීය පාරිසරික සංචාරක ප්‍රදේශයක් වන මීමුරේ වෙත නැවත දැනුම්දෙන තුරු සංචාර සඳහා පැමිණීමෙන් වළකින ලෙස දැනුම්දී තිබෙනවා.
ඒ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ 28වන කිලෝමිටරය පවතින ස්ථානයේ පිහිටි කයිකාවල පාලම හරහා වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්.
පාලමේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර ඇති වී ඇති හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පාලම පහළ පිහිටි පර්වතය පුපුරා ගොස් ඇති අතර ඒ හරහා බර වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් නතර කර තිබෙනවා.
මේ වන විට පුපුරා ගොස් තිබෙන පර්වතයට කොන්ක්‍රීට් දැමීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම ස්ථානයේ තත්ත්වය පිළිබඳව Colombo Times iRepoter දුමින්ද සෙනෙවිරත්නගේ කැමරාකාචයේ සටහන් වූ ඡායාරූප කිහිපයක් පහතින්,
(colombotimes.lk)