ගංවතුර බැසයන ප්‍රදේශයන්හි පානීය ජලය ලබාගන්නා ළිං පිරිසිදු කිරීමට මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ නාවික හමුදා සහන කණ්ඩයාම් වල දායකත්වයෙන්.
එමෙන්ම අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අනුයුක්ත කර තිබෙනවා.
එම සහන කණ්ඩායම් 13ක් තවදුරටත් ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව දියත් කරන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)
