16 September 2025

logo

නේපාලයේ දියුණුවට සංක්‍රාන්ති ලිංගිකයන් යොදාගනී



නේපාලයේ ප්‍රථම විවෘත සමලිංගික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස සුනිල් බාබු පාන්ට් පත්වී තිබෙනවා. 

ඔහු LGBTQ ප්‍රජාව සම්බන්ධයෙන් විශේෂ අධ්‍යාපනයක් ලබා ඇති අතර මේ පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීමද සිදුකළ පුද්ගලයෙක් වනවා. 
 
මීට අමතරව ඔහු හිටපු නීති සම්පාදක සහ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ බව සඳහන්. 
 
පසුගිය දිනක මොහු කත්මණ්ඩු නුවර මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් පා ගමනක් ද සංවිධානය කර තිබෙනවා. 
 
මේ මන්ත්‍රීවරයා සංක්‍රාන්තික ලිංගිකයන් හරහා නේපාලයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට උත්සාහ ගන්නා බවයි වාර්තා වන්නේ. 
 
එමෙන්ම මේ ක්‍රමය හරහා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නේපාල රජයේ සහයෝගය ලබාදෙනු ඇති බවට ඔහු විශ්වාස කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)