colombotimes.lk
සිංහල | English

17 September 2024


Netflix Password බෙදාගැනීමේ තහනම පුළුල් කරයි



Netflix විසින් එක්සත් ජනපදයට සහ තවත් රටවල් 100කට වඩා වැඩි ගණනකට Password බෙදාගැනීමේ හැකියාව මර්ධනය කර තිබෙනවා.

ඒ අනුව අදාළ ගිණුම් හිමියන්ට තම නිවෙස් වලින් පිටතදී මෙසේ Password බෙදා ගැනීමට නොහැකි බව එම ආයතනය නිවේදනය කළා.

එසේ සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව මේ වන විටත් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මෙක්සිකෝව සහ බ්‍රසීලය ඇතුළු රටවල් 103ක ගනුදෙනුකරුවන්ට ගිණුම් බෙදාගැනීම පිළිබඳ E-Mail යවා තිබෙනවා. 

එහි සඳහන්ව ඇත්තේ Netflix ගිණුමක් භාවිතා කළ යුත්තේ එක් නිවසක් තුලදී පමණක් බවයි.

නමුත් විශේෂ ගෙවීමක් සිදු කිරීමෙන් අනතුරුව නිවසින් පිටත සාමාජිකයෙකු එක් කළ හැකි බවද සඳහන්.

Netflix ආයතනය සිය ආදායම වැඩිකර ගැනීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
(colombotimes.lk)