30 October 2025

logo

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයෙක්



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කේ.පී.එන් තාරක නිරෝෂන් දේවප්‍රිය පත්කර තිබෙනවා. 

ඒ අනුව ඔහු අද (30) සිය තනතුරේ රාජකාරි ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව තනතුරක් වන මෙම අතිරේක කොමසාරිස් ජනරාල් තනතුරට පත් වූ පළමු අතිරේක කොමසාරිස් ජනරාල් වශයෙන් ද තාරක නිරෝෂන් දේවප්‍රිය ඉතිහාසයට එක්වී තිබෙනවා. 

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන තාරක නිරෝෂන් දේවප්‍රිය 2003 පරිපාලන සේවා කණ්ඩායමේ සාමාජිකයෙක් ද වන බවයි සඳහන් වන්නේ. 

(colombotimes.lk)