25 January 2026

logo

නව කම්කරු කොමසාරිස් ධූරයේ වැඩ අරඹයි



නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස පත් කළ නදීකා වටලියද්ද අද (24) සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

ඒ නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදීයි.

ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියක් බවයි වාර්තා වන්නේ.

නදීකා වටලියද්ද කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධූරයට පත්වූ තුන්වන කාන්තාව වනවා.


(colombotimes.lk)