15 February 2025


හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් සමඟින් නව ජාතික ක්‍රීඩා කවුන්සිලය පත් කරයි



ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය, ප්‍රවර්ධනය සහ පාලනය පිළිබඳ මඟ පෙන්වීම වෙනුවෙන් අද (14) නව ජාතික ක්‍රීඩා කවුන්සිලයක් පත් කර තිබෙනවා.

ඒ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින්.

ශ්‍රී ලංකාවේ හිටපු රග්බි නායක ප්‍රියන්ත ඒකනායක එම කවුන්සිලයේ සභාපති ලෙස නම් කර තිබෙනවා.

ඒ සඳහා අලුතින් පත් කරන ලද සාමාජිකයන් අතරට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් වන සිදත් වෙත්තමුණි සහ රොෂාන් මහානාමද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

එහි සාමාජිකයන් පහතින්,

රුක්මන් වෑකඩපොල  
සිදත් වෙත්තමුණි
චානක ජයමහ
රොහාන් අබේකෝන්
නිරෝෂන් විජේකෝන්
මුරාද් ඉස්මයිල්
රොෂාන් මහානාම
සී. රත්නමුදලි
ශ්‍රියානි කුලවංශ  
මලික් ජේ. ප්‍රනාන්දු
ශානිතා ප්‍රනාන්දු  

(colombotimes.lk)