20 January 2025


මෙරට ක්ෂේත්‍ර රැසක් නගා සිටුවීමට නවසීලන්තයේ සහය



ආහාර සුරක්ෂිතතාවය, වෛද්‍ය විද්‍යා පර්යේෂණ, ක්‍රීඩා සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පූර්ණ සහය ලබාදෙන බව එරට මහ කොමසාරිස් ඩේව්ඩ් පයින් ප්‍රකාශ කළා.

ඒ ඔහු පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හමු වූ අවස්ථාවේදීයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ නවසීලන්ත ආයෝජන සඳහා පවතින අවස්ථා සහ වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදෙන බවයි.

(colombotimes.lk)