02 July 2025

logo

අප්‍රිකානුවන් හ‍ඬවමින් නවසීලන්තය T20 ලෝක කුසලානයක පහස ලබයි



2024 කාන්තා T20 ලෝක කුසලානය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති අවසන් මහා තරගය ලකුණු 32කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

මෙම ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 158ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 126ක් පමණයි.

ඒ අනුව නවසීලන්තය ඉතිහාසයේ පළමු වරට T20 ලෝක කුසලානයක් දිනා ගත්තා.

(colombotimes.lk)