ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ආසන සංවිධායක ධූර පිරිනැමීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.
ඒ බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදීයි.
මෙම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්, පක්ෂයේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක, පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානි ජොස්ටන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජිව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ යන පුද්ගලයන් සහභාගී වී තිබෙනවා.
එහිදී පහත සඳහන් පත්වීම් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(01) අම්බලන්ගොඩ ආසනය - පුෂ්පලාල් කුමාරසිංහ
(02) වත්තල ආසනය - ජයතිස්ස රුද්‍රිගෝ
(03) කටාන ආසනය - ආනන්ද හරිස්සන්ද ද සිල්වා
(04) දිවුලපිටිය - ඉන්දික අනුරුද්ධ
(05) අත්තනගල්ල ආසනය - ලිලී ගුණසිංහ
(06) ගම්පහ ආසනය - රංජිත් ගුණවර්ධන
(07) ජා ඇල ආසනය - මෙරිල් පෙරේරා
(08) මහර ආසනය - සුදීමා චාන්දනී
(09) දොම්පේ ආසනය - වර්නන් ගුණරත්න
(10) පුත්තලම ආසනය - අබ්දුල් හසන් මොහොමඩ් රියාස්
(11) වෙන්නප්පුව ආසනය - ට්‍රෙවින් ඇන්තනී අමල් ප්‍රනාන්දු
(12) කෝට්ටේ ආසනය - මිලින්ද රාජපක්ෂ
(13) පැල්මඩුල්ල ආසනය - අරුණ නිලන්ත ජයසිංහ
(14) රත්නපුර ආසනය - රංජිත් බණ්ඩාර
(15) කුලියාපිටිය ආසනය - සමන් ප්‍රිය හේරත්
(16) මුල්කිරිගල ආසනය - කපිල දිසානායක
(17) හිරියාල ආසනය - යූ. කේ. සුමිත් උඩුකුඹුර
(colombotimes.lk)