21 January 2026

logo

ධීවරයන්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්



ධීවරයන්ගේ සමාජ ආරක්ෂාව ශක්තිමත් කරමින් ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව නව යෝජනා ක්‍රමය යටතේ ධීවර කාර්මිකයාගේ ශ්‍රම ශක්තියට හා කැමැත්තට අනුව විශ්‍රාම වැටුප් මට්ටම් තෝරා ගැනීමට හැකියාව පවතින බවයි සඳහන් වන්නේ. 

වයස අවුරුදු 60න් පසුව මාසිකව ලබා ගැනීමට කැමති විශ්‍රාම වැටුප් ප්‍රමාණය රු.5,000, රු.10,000, රු.15,000, රු.20,000, රු.25,000 හෝ ඊට වැඩි ලෙස සටහන් වනවා. 

මෙම යෝජනා ක්‍රමය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)