09 July 2025

logo

නව ජනපති රටවල් 07ක තානාපතිවරුන් හමුවෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක අද (02) රටවල් 07ක තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුලු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.                 

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ කියුබාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුලු  නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වන බවයි.

සියලු රටවල් සමඟ ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එමනිසා ජනාධිපතිවරයා මෙලෙස විදෙස් තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුලු නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙන බවයි.    

ඒ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,        






(colombotimes.lk)