දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඒ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසාදීම වෙනුවෙන්.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් 01වනදා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර දැනට පවත්වාගෙන යන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක් එහි 2වන අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)