31 December 2025

logo

PHOTO | වගාවට හානි කරන රිලවුන් පන්නන්න නව උපකරණයක්



පොල් වගාවට හානි කරන රිලවුන් පළවා හැරීම සඳහා ශබ්ද තරංග නිකුත් කරන උපකරණයක් ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය විසින් සාර්ථකව අත්හදා බලා තිබෙනවා.

එහි  නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ පොල් අස්වැන්නට රිලවුන්ගෙන් දැඩි හානියක් සිදුවන බවයි.  

මෙම  උපකරණය යොදා ගැනීමෙන් එම හානිය වළක්වා ගත හැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියා.


(colombotimes.lk)