18 February 2026

logo

RTI කොමිෂන් සභාවේ පුරප්පාඩුවකට නාමයෝජනා කැඳවයි



තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධූරයක මේ වන විට පුරප්පාඩුවක් ඇති වී තිබෙනවා.

එලෙස ඇති වී තිබෙන පුරප්පාඩුව සඳහා පත් කිරීමට නාමයෝජනා මේ වන විට කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිර්දේශ කිරීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(1) (ඇ) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිවිල් සමාජ සංවිධාන වෙතින් මෙම නාමයෝජනා කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි http://www.parliament.lk  ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධූරයකට පත් කිරීම' නමින් පළ කර ඇති  නාමයෝජනා පත්‍රයට අනුකූලව නාමයෝජනා සකස් කළ යුතු වනවා.

එලෙස නිවැරදිව සම්පූර්ණ කරන නාමයෝජනා 2026 පෙබරවාරි මස 15වනදාට පෙර පහත ලිපිනයට යොමු කරන ලෙස දන්වා තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම් 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.

(colombotimes.lk)