19 August 2025

logo

උතුරු - නැගෙනහිර හර්තාලේ අලුත්ම තත්ත්වය



මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙක්ගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස සහ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිතව තිබූ හර්තාලය අසාර්ථක වී තිබෙනවා. 

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් විසින් හර්තාලය කැඳවා තිබුණද උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල කටයුතු හා පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි වාර්තා වන්නේ.
 
හර්තාලය වෙනුවෙන් වෙළඳ සංගම් කිහිපයක් සහයෝගය පළ කළද තවත් වෙළඳ සංගම් රැසක් හර්තාලය වෙනුවෙන් සහයෝගය පළ නොකර තිබෙනවා. 

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අද (18) ව්‍යාපාරික ස්ථාන, පොදු වෙළෙඳපොළවල් සහ පෞද්ගලික ආයතන, තවත් ස්ථාන බොහෝමයක් වසා දමා තිබෙන බවයි වාර්තා වන්නේ. 

හර්තාල් පවතින නගරවල හමුදාව සහ පොලීසිය යොදවා ඇති අතර ආරක්ෂාවද තර කර තිබෙනවා.

(colombotimes.lk)