26 May 2026

logo

වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරින් ඉවතට



වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් ලැබී තිබූ චෝදනා සහ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වයඹ පළාත් ප්‍රධාන ලේකම් ධූරයේ පුරප්පාඩුව සඳහා මේ සතිය තුළ වෙනත් අයෙකු පත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)