කාම්බෝජයේ සහ තායිලන්තයේ පවතින දේශසීමා ගැටුම් උත්සන්න වීම හමුවේ එම රටවල් දෙකෙහි ඇතැම් ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙස එක්සත් රාජධානිය දෙරටේම රැදී සිටින සිය පුරවැසියන්ට දැනුම්දී තිබෙනවා.
බ්‍රිතාන්‍ය විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය, සංවර්ධන කාර්යාලය සඳහන් කළේ කලාපයේ පවතින ආරක්ෂක අවදානම් තත්ත්වය සහ දිනපතා සිදුවන ප්‍රහාර හේතුවෙන් දේශ සීමාව අසල වූ දකුණු ප්‍රදේශ කිහිපයකට ගමන් කිරීමෙන් වළකින ලෙසයි.
එමෙන්ම වසර 13කට පසු දෙරට අතර ඇති වූ දරුණුම ගැටුම්වලින් සිවිල් වැසියන් 11දෙනෙක් මිය ගොස් තිබෙනවා.
(colombotimes.lk)