මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නව ඡන්ද දායකයන් 155,976දෙනෙක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ට අමතරව මෙම නව ඡන්ද දායකයන් සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයන් 17,296,330දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා.
(colombotimes.lk)