16 September 2025

logo

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්



2025 වසරේ 05 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව අභියාචනා කැඳවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්, ඉන්දිකා කුමාරි ලියනගේ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඇය වැඩිදුරටත් කියා සිටියේ අභියාචනා උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා 2025.09.09වන දින සිට 2025.09.22වන දින තෙක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කළ හැකි බවයි. 

මේ සඳහා විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින්, පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර https://onlineexams.gov.lk/eic/index.php/clogin/ යන වෙබ් අඩවියේ SCHOOL LOGIN වෙත පිවිස අභියාචනා ඉදිරිපත් කළ යුතු බව ද විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)