07 January 2026

logo

හානි වූ වගාවන් සඳහා ගෙවන වන්දි මුදල් ගැන දැනුම්දීමක්



ආපදා හේතුවෙන් හානි වූ වී වගාව සඳහා රුපියල් මිලියන හත්දහස් පන්සියයක මුදලක් මේ වන විට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. 

එහි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ කුඹුරු හෙක්ටයාර් 50,000කට එම මුදල් ගෙවා ඇති බවයි. 

එමෙන්ම තවත් කුඹුරු හෙක්ටයාර් 5000කට අදාළව රුපියල් මිලියන දහසක මුදලක් ගෙවීමට ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)