01 April 2025


මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩු පිළිබඳ දැනුම්දීමක්



රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ එළැඹෙන 31වනදාට යෙදී තිබෙන රාමසාන් උත්සවය වෙනුවෙන් 31 වන දිනට අමතරව එළැඹෙන 01 වැනිදා ද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි.

එමෙන්ම මෙම නිවාඩු සඳහා අමතර පාසල් පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.


(colombotimes.lk)