කොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය තහනම් කළ බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ, ජෙනරාල්වරයා අවධාරණය කර තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සඳහන් කළේ මහවැලි අධිකාරියට අයත් හෙක්ටයාර 55ක අවතැන්වූවන් පදිංචි කිරීමට සැලසුම් කර ඇති බවයි.
කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පැතිර යන කටකතා අසත්‍ය බවත්, විද්‍යාත්මක දත්ත මත පදනම්ව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට කොත්මලේ ජලාශයභාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබෙන බවද මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එච්. එම්. ජේ. හේරත් සඳහන් කළා. 

(colombotimes.lk)
