16 October 2025

logo

පෙළ පොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු ‍පාසල් සඳහා දැනුම්දීමක්



2024 වර්ෂය‍ට අදාළව රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු‍ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වන විටත් ලබාදී අවසන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් රෙදි නොලැබුණු කිසියම් පාසලක් වේ නම් ඒ පිළිබද පහත දුරකථන අංක අමතා හෝ ෆැක්ස් හෝ ඊමේල් මඟින් කඩිනමින් දැනුවත් කරන ලෙස විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

පෙළපොත් සඳහා,
දුරකථන අංක - 0112784815 / 0112785306
ෆැක්ස් - 0112784815
විද්‍යුත් ලිපිනය - epddistribution2024@gmail.com

නිල ඇදුම් රෙදි සඳහා,
දුරකථන අංක - 0112785573
ෆැක්ස් - 0112785573
විද්‍යුත් ලිපිනය - schoolsupplymoe@gmail.com

(colombotimes.lk)