13 July 2025

logo

ඔබේසේකරපුර බිහිසුණු අනතුරකින් යතුරු පැදිකරුවෙක් ජීවිතක්ෂයට



රාජගිරිය දෙස සිට ඔබේසේකරපුර දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිවී මාර්ගයේ පෙරළී ගොස් ඊයේ (08) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ඔබේසේකරපුර මාර්ගයේ ඔබේසේකරපුර හන්දිය අසලදීයි.

අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 44ක් වූ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

(colombotimes.lk)