17 February 2026

logo

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් කොටුවෙයි



හෙරොයින් ග්‍රෑම් 147 මිලිග්‍රෑම් 900ක් සමඟ සැකකරුවෙක් මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන සමිත්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)