මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේදී සමත්වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි 8 වටයේ ක්‍රීඩා කරන පළමු තරගය එළෙඹෙන 22වනදා පැවැත්වීමට නියමිතයි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙම මෙම තරගය පස්වරු 3.00ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
(COLOMBOTIMES.LK)
