17 February 2026

logo

දුම්රියක ගැටීමෙන් වනඅලියෙක් මියයයි



කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ අංක 943 දරන රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් අද (17) අළුයම වනඅලියෙක් මියගොස් තිබෙනවා.

වනජීවි නිලධාරීන් සඳහන් කළේ මෙම වනඅලියා කවුඩුල්ල රක්ෂිතයේ සිට සෝමාවතිය රක්ෂිතයට දුම්රිය මාර්ගය ඔස්සේ මාරුවීමේදී මෙසේ දුම්රියේ ගැටී ඇති බවයි.

කිතුල්උතුව 151 කණුව අසලදී මෙම අනතුර සිදු වී තිබෙනවා.

මියගිය වන අලියා වයස අවුරුදු 15ක පමණ වන අලියෙක් වන අතර උස අඩි 7ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

(COLOMBOTIMES.LK)