17 February 2026

logo

විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට



නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද විදේශීය දුම්වැටි 12,000ක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 58ක් වන ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)