තායිවානය සහ ඇමරිකා එක්සත් ජනපදය අන්‍යෝන්‍ය වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමඟින් තායිවාන භාණ්ඩ සඳහා පනවන ඇමරිකානු තීරුබදු 15%ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි.
මෙම ගිවිසුම යටතේ ඇමරිකානු කාර්මික සහ කෘෂිකාර්මික අපනයන සඳහා වෙළෙඳපොළ ප්‍රවේශයක් හිමිවනවා.
ඒ යටතේ ප්‍රධාන වශයෙන් නිෂ්පාදන කිහිපයක් ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.
මෝටර් රථ, ගව මස් සහ ඌරු මස් ඇතුළු නිෂ්පාදන කිහිපයක් එයට ඇතුළත් වනවා.
(colombotimes.lk)
