මාර්ගගත (Online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවා සැපයීම තාවකාලිකව අක්‍රීය වී ඇති බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් පවසනවා.
ඒ දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.
මෙම තත්ත්වය කඩිනමින් යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින අතර එතෙක් මාර්ගගත නොවන (Offline) රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
