12 February 2026

logo

අයවැයට පක්ෂව ඡන්දය දුන් එකම විපක්ෂ මන්ත්‍රී



2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්ද 114කින් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවූ බවයි වාර්තා වන්නේ.

එහිදී කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදී තිබෙනවා.

මෙවර අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ එකම විපක්ෂ මන්ත්‍රීවරයා ඔහු බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)