ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත් කර තිබූ Onmax DT තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හා එය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඩුබායිහීදී අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින්.
ඒ අනුව ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන ආ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)