26 May 2026

logo

ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව



ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225වන සංවත්සරය වෙනුවෙන් අගෝස්තු මස 01වනදා සිට Online හරහා ගෙවීම් සිදුකර ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බව මැනුම්පති වයි. ජී ඥාණතිලක ප්‍රකාශ කළා. 

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. 
 
එහිදී ඔහු කියා සිටියේ මෙතෙක් මහජනතාව වෙත සිතියම් නිකුත් කිරීම කාර්යාල හරහා සිදු කළද දැන් ඔන්ලයින් ක්‍රමය යටතේ සිතියම් ලබාගැනීමට මහජනතාවට අවස්ථාව ලබාදීමට අපි සැලසුම් කර තිබෙන බවයි.

ඒ වගේම මහජනතාවට ඉඩම් තොරතුරු පද්ධතියේ තිබෙන තොරතුරු ඔන්ලයින් දැකගැනීමට අවස්ථාවත් ලබාදීමට අපි කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)