06 July 2025

logo

විකාශන අධිකාරි පනතට විපක්ෂයේ විධායක සභාව විරුද්ධ වීමේ තීරණයක්



වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම පනත පරාජය කිරීමට ගතයුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත්, අධිකරණයේදීත් ගැනීමට නියමිත බව එම විධායක සභාව සඳහන් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (05) ඒ බව කියා සිටියේ, විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ඔහු පෙන්වා දෙන්නේ මෙම පනත හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ වන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සිව්වැනි කුලුන වන්නේ නිදහස් මාධ්‍ය බවද සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළා.
(colombotimes.lk)