24 August 2025

logo

විශ්වාසභංගයෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරු ජිනීවා යයි



ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමෙන් අනතුරුව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) පැමිණිලි කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බවයි. 

විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ම මේ වන විටත් ඵම පැමිණිලි සකස් කරමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

පාර්ලිමේන්තුවේදී කතා කිරීම සීමා කිරීම සහ ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී දිගින් දිගටම බාධා එල්ල වන බවත් කතානායකවරයාද නිසි පරිදි කාලය ලබා නොදීමට කටයුතු කර තිබෙන බවද මෙම පමිණිලිවල සඳහන් වී ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම පැමිණිලි සැලකිල්ලට ගෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයට මේ ගැන සාධාරණ මැදිහත්වීමක් කරන ලෙසට ඉල්ලා සිටින බවද කාවින්ද ජයවර්ධන වැරදුරටත් ප්‍රකාශ කළා. 


(colombotimes.lk)