15 June 2026

logo

මුඛ පිළිකා වැළඳීම ඉහළට



තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගිය කාලසීමාව තුළ මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක් පෙන්නුම් කළ බව මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය තනූජා දක්ෂිලි පතිරාජ මහත්මිය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

මේ අතර, කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වැළඳීම යම්තාක් දුරට අඩු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය අවධාරණය කළා.
(colombotimes.lk)