17 February 2026

logo

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි



2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා.

ඒ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,545කදීයි. 

අපේක්ෂකයන් තම ප්‍රවේශ පත්‍ර සහ වලංගු හැඳුනුම්පත් සමඟ නියමිත ආරම්භක වේලාවට පැයකට පෙර විභාග මධ්‍යස්ථන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළා.
 
මෙවර විභාගය සඳහා පෙනී සිටින මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 451,463ක් ලෙසයි. 

(colombotimes.lk)