15 October 2025

logo

දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගිය පිරිස 3,000 ඉක්මවයි



2025 වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 3,000කට වැඩි පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය සඳහන් කළේ මෙම පිරිස අතරට තරුණියන් 100දෙනෙක් අයත් බවයි. 

නිෂ්පාදන අංශය සඳහා ලාංකිකයන් 2,197දෙනෙක්ට රැකියා අවස්ථා හිමි වී තිබෙනවා.

එමෙන්ම ධීවර අංශය සඳහා 680ක්ද, ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා සඳහා 23දෙනෙක් ද, කෘෂිකාර්මික අංශය සඳහා දෙදෙනෙක්ට ද රැකියා අවස්ථා හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වූ තවත් ශ්‍රී ලාංකිකයන් 200කට ආසන්න පිරිසක් මෙම මාසය අවසන් වීමට පෙර දකුණු කොරියාව බලා පිටත් කිරීමටද එම කාර්යාංශය සැලසුම් කර තිබෙනවා.

(colombotimes.lk)