පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණරත්න වන්නිනායක විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද (15) සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මෙම දැනුම්දීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සඳහන් කළේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතිඥවරයා විසින් ඉල්ලා සිටින අතුරු ඉල්ලීම ප්‍රධානය කිරීමට තම අධිකරණයට නොහැකි බවයි.
මෙහිදී පෙත්සම්කාර නීතිඥවරයා මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සුදුසු බව සභාපති විනිසුරුවරයා සඳහන් කළා.
අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා පෙත්සම හෙට (16) දහවල් 1.30 ට කැඳවන ලෙසයි.
(colombotimes.lk)