15 October 2025

logo

අගමැති හරිනි තවත් විදේශ සංචාරයකට සැරසෙයි



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හෙට (16) ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරිය හෙට සිට එළඹෙන 18වනදා දක්වා සංචාරයේ නිරත වන බවයි. 

එම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම ඉහළ මට්ටමේ නියෝජිතවරුන් සමඟ ද සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)