15 October 2025

logo

අග්‍රාමාත්‍යවරිය දිවයිනට



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය චීන සංචාරය නිම කරමින් අද (15) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. 

චීනයේ බීජිං හී පැවැත්වෙන 'කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයන්ගේ සමුළුව 2025' සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 11 වනදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. 
 
මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගී වී තිබෙනවා. 

(colombotimes.lk)