colombotimes.lk
සිංහල | English

17 September 2024


PAYE බද්ද සංශෝධනය කිරීමට IMF සමඟ එකඟතාවයකට - ජනපති



උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව ස්වාධීන ජනපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එහි මූලික තීරණ ගෙන අවසන් බවත් එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බවත් ඔහු කියා සිටියා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙන බවයි.

ඇහැලියගොඩ ප්‍රදේශයේ අද (28) පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

 
(colombotimes.lk)