04 July 2025

logo

පාකිස්ථානයට, බංගලාදේශයට සහ ෂකිබ්ට ICCයෙන් දඬුවම්



බංගලාදේශ තුන්ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන්ට එරෙහිව දඬුවම් පැනවීමක් සිදු කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබෙනවා.

ඒ පාකිස්ථානය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ICC ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.9 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඒ අනුව ඔහුට එරෙහිව එම තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් සහ ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් ඇතුළත් කර තිබෙනවා.

මේ අතර මෙම ටෙස්ට් තරගයේදී නියමිත කාලයේදී පන්දුවාර සංඛ්‍යාව යොමු නොකිරීම හේතුවෙන් පාකිස්ථානයට තරග ගාස්තුවෙන් 30%ක දඩ මුදලක් සහ බංගලාදේශයට තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් පනවා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පාකිස්ථානයට හිමිව තිබූ ප්‍රසාද ලකුණු 6ක් සහ බංගලාදේශයට හිමිව තිබූ ප්‍රසාද ලකුණු 3ක් කපා හැරීමට ICCය පියවර ගෙන තිබෙනවා.  

(colombotimes.lk)