colombotimes.lk
සිංහල | English

17 September 2024


පාකිස්ථානයේ නම්බුව බංගලාදේශය නැති කරයි



පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පළමු වරට ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට බංගලාදේශ කණ්ඩායම අද (03) සමත්වුණා.

ඒ දෙරට අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කරමින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 - 0ක් ලෙස බංගලාදේශය ජයග්‍රහණය කිරීමත් සමඟයි.

තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීම සඳහා තරගයේ අවසන් දිනය වූ අද බංගලාදේශ කණ්ඩායමට අවශ්‍ය වූයේ කඩුලු 10ක් අතැතිව ලකුණු 143ක් පමණයි.

ඒ අනුව එම ලකුණු සංඛ්‍යාව කඩුලු 4ක් පමණක් දැවී රැස් කරගැනීමට බංගලාදේශය සමත්වුණා.

(colombotimes.lk)