අන්තර්ජාතික එක්දින ක්‍රිිකට් ශ්‍රේණි ගතකිරීම්වල ඕස්ට්‍රේලියාව අභිබවා පෙරමුණ ගැනීමට පාකිස්ථානය සමත්ව තිබෙනවා.
ඒ, ඊයේ පැවති හතරවන එක්දින තරගය නවසීලන්තය පරදා ලකුණු 102කින් ජයගැනීමත් සමඟයි.
තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය හතරට බින්දුවක් ලෙස මේ වනවිට පාකිස්ථාන කණ්ඩායම ජයගෙන සිටිනවා.
මෙම ශ්‍රේණි ගත කිරිම්වල තුන්වන ස්ථානයේ ඉන්දියාව පසුවන අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ශ්‍රේණි ගතකිරීම්වල අටවන ස්ථානයයි.
(colombotimes.lk)