එළඹෙන ජනවාරි මාසයේදී ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් T20 තරගාවලිය සඳහා වන පාකිස්ථාන සංචිතය නම් කර තිබෙනවා.
මෙහිදී බාබර් අසාම්, ෂහීන් ෂා අෆ්රිඩි, හැරිස් රවුෆ් සහ මොහොමඩ් රිස්වාන් යන ක්රීඩකයන් හට මෙම තරගාවලිය අහිමි වන බවයි වාර්තා වන්නේ.
ඒ ඔවුන් ඕස්ට්රේලියාවේ දේශීය බිග් බෑෂ් ලීගයට සහභාගී වීම හේතුවෙන්.
පාකිස්ථාන T20 සංචිතය පහතින්,
Salman Ali Agha (c), Abdul Samad, Abrar Ahmad, Faheem Ashraf, Fakhar Zaman, Khawaja Nafay, Mohammad Nawaz, Mohammad Salman Mirza, Mohammad Wasim Jnr, Naseem Shah, Sahibzada Farhan, Saim Ayub, Shadab Khan, Usman Khan, Usman Tariq
මෙම තරගාවලියේ පළමු තරගය ජනවාරි 07වනදා, දෙවන තරගය ජනවාරි 09වනදා සහ අවසන් තරගය ජනවාරි 11වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
