18 February 2026

logo

නෙදර්ලන්තයෙන් ප්‍රබල සටනක් - අවසන් මොහොතේදී පළමු සටනේ ජය පාකිස්ථානයට



2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට පාකිස්ථාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 147ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට මෙම ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට එරෙහිව නෙදර්ලන්ත පන්දු යවන්නන් ප්‍රබල සටනක් ලබා දුන්නා.

කෙසේ වෙතත් පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු 7ක් දැවී සිටියදී පාකිස්ථාන කණ්ඩායම තරගය ජයග්‍රහණය කළා.