16 September 2025

logo

පාකිස්ථානයේ නව අය වැයෙන් එරට බදු තවත් ඉහළ දැමීමට සූදානමක්



රුපියල් බිලියන 215ක බදු ආදායමක් උපයා ගැනීමේ යෝජනාව ඇතුළු යෝජනා රැසකින් සමන්විත මෙවර අය වැයට පාකිස්තාන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙන බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කරනවා. 

ඒ අර්බුදයකට ලක් වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය මුදල නිදහස් කරගැනීමේ අවසන් තුරුම්පුව භාවිත කරමින්. 
 
අය වැයෙන් බදු ඉහළ දැමිම පාකිස්තානයට ණය මුදල් නිදහස් කිරිමේ ප්‍රධානතම කොන්දේසියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබුණා. 
 
නව බදු පැනවීම්වලට අනුව රුපියල් බිලියන 70ක් පොහොර බද්දෙන්, රුපියල් බිලියන 45ක් දේපළ මිලදී ගැනීමේ බද්දෙන් අයකර ගැනීමටත්, විකිණීමේ බදු ඉහළ දැමීමටත් පාකිස්තාන රජය මෙවර අය වැයෙන් අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. 
 
රුපියල් ලක්ෂ දෙකකට වැඩි මාසික ආදායමක් ලබන අයගෙන් රුපියල් බිලියන 30ක් බදු වශයෙන් අයකර ගැනීමට සැලසුම් කර ඇති බවත් ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා. 
 
මීට අමතරව රුපියල් බිලියන 85කින් රජයේ වියදම් කපා හැරීමට ද තීරණය වී ඇති අතර, ඉන්ධන බද්ද රුපියල් බිලියන 50 සිට 60 දක්වා ඉහළ දැමීමටත් යෝජනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)