පලස්තීන අගමැති සිය ධූරය අත්හරියි



පලස්තීන අග්‍රාමාත්‍ය Mohommad Shtayyeh සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පලස්තීන බටහිර ඉවුරේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ ගාසා තීරයට එරෙහි යුද්ධය හේතුවෙන් බටහිර ඉවුරේ කොටස් පාලනය කරන තම රජය ඉල්ලා අස්වන බවයි ඔහු නිවේදනය කළේ.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවයි.
(colombotimes.lk)